Tuesday, May 1, 2012

රතු මැයි දා !!


අද වැඩකරන ජනයාගේ දිනය කියල කිවුවාට අපි සමහර විට මැයි පළවෙනිද කම්කරුවාගේ දිනේ උනේ කොහොමද කියල දන්නේ නැතුව ඇති අපි පොඩ්ඩක් ඒක දැනගමු දැන්

මැයි දිනයේ උපත 1886 /05/01 දිනය. එදින සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වු පොලිස් ප්‍රහාරයකින් මියගියා වු වැඩ කරන පැය ගණන පැය 08 සිමා කර ගැනීමට උත්සහ දැරු කම්කරුවන් සිහි කරලීමට මැයි දිනය සමරනු ලබයි.

දහත්වන,දහ අටවන සියවස් වල වහල් ක්‍රමය අහෝසි වී වැටුපට වැඩකරන කම්කරුවන් බිහි වු අතර ඔවුන්ටත් දිනකට පැය 12 ක සේවා කාලයක් වැඩ කල යුතුව තිබුනි. කාර්යයට නිසි ලෙස වැටුප් නොලද අතරම පැය 12ක වැඩ නිසා ආබාධ වලට ගොදුරු වීම වැඩිවී තිබුනි. 1830 දි ඇමරිකානු කම්කරුවෝ තමන්ට උදේ 6 සිට සවස 6 වෙනතුරු වැඩ නිසා පැය දෙකක විවේක කාලයක් ආහාර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලු අතර එය අසාර්ථක වුයේ සමහර අයගේ රැකියාවද නැතිවී යාමෙනි. 1863 දි නැවතත් සේවා කාලය පැය 08 කල යුතු යයි තීරණය කල යන්ත්‍ර ක්‍රියාකරන්නන් හා යකඩ වැඩ කම්කරුවන් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් නොමැති විය. එහෙත් ඒ අවස්ථාවේ එකතු වුවන් සමඟ කම්කරුවන් “නයිට්ස් ඔෆ් චිකාගෝ“ නම් සංවිධානයක් පිහිටවා ගන්නා ලදි. 1878 එම සංවිධානය නැවත වැඩ කරන පැය ගණන 08 ක් විය යුතු බව යෝජනා කලත් සාකච්ජා සඳහාම පමණක් එය වෙන්වු අතර යෝජනාව නැවත අසාර්ථක විය.

1881 දි කම්කරු නායකයන් එකතුව “සංවිධානාත්මක සේවාවන්හි වෘත්තිය සමිති සම්මේලනය“ ලෙස සාකච්ජාවට වඩා වු සටන්කාමී පිලිවෙතක් ඇති සංවිධානයක් බිහි කල අතරම විශාල ලෙස කම්කරුවන් එය වටා එකතු විය. ඔවුන් තම අදහස ක්‍රියාත්මක කිරිමට අදහස් කල අතර ඒ සඳහා තෝරා ගත්තේ වැඩ වර්ජනයක් සිදු කිරිමයි. 1886 මැයි 01 දින ඇමරිකාවේ විශාල කම්කරුවන් පිරිසක් ඉතිහාසයේ ප්‍රථම වරට චිකාගෝ නුවරට එක්රොක් වුයේ පැය 08 සේවා කාලය ලබා දෙන තෙක් සේවයට නොයන අදහසිනි. එදින වේගවත් කතාවක් කරමින් රුස්වු පිරිස ඇමතු සැමුවෙල් ෆීල්ඩින් කියා සිටියේ මෙය ලෝකයේ ථෛතිහාසික දිනයක් වන බවයි.
පලමු දිනයේ 40000 ක් වු පිරිස මැයි 02 වන විට 65000 කට ද වැඩිව තිබුනි..තුන්වන දිනයේ ඔගස්ට් ස්පයිස් කම්කරු නායකයා පිරිස අමතද්දී පොලිසිය දරුණු පහරදීමක් සිදු කල අතර කම්කරුවන් 04 දෙනෙකු මියගොස් සිටියේය. වැඩ වර්ජනය අවසාන වේ යැයි කර්මාන්ත හිමිකරුවන් සිතා සිටියත් සිදුවුයේ මැයි 04 දින ඉතා විශාල පිරිසක් නැවතත් වර්ජනය සඳහා “හේමාර්කට් චතුරශ්‍රයට“ එක්රොක් වීමයි.එහේත් පැමිණිමට වු මාර්ග වලදී පොලිසියෙන් බාධවන් එල්ල වු අතර පොලිස් ප්‍රහාර නැවැත්වීම සඳහා එකල චිකාගෝ නගරාධිපති “කර්ටන් හරිසන්“ මහතාද කියා සිටියේ වැඩ කරන පැය ගණන පැය 08 කට සිමා කල යුතු බවයි.

රැලිය සමකාමී වු අතර නගරාධිපතිතුමා ඉවත්ව යාමත් සමගම පැමිනි පොලිස් නිලධාරීන් වහාම රැස්වීම නවතා දමන ලෙස කියා සිටියේය.මෙලෙස කතා කරමින් සිටියදි පොලිස් නිලධාරීන් දෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වු අතර පොලීසිය වෙඩි තැබීමට පටන් ගත් අතර එදින “හේමාර්කට් චතුරශ්‍රයේ “ මිය ගිය ගණන අදටද නොදනී. පොලිසියට පහර දුන්නායයි අත්අඩංගුවට පත්වු ඔගස්ටස් ස්පයිස්,ජෝර්ජ් එංගල්ස්,ඇල්බර්ට් පාඩ්සන්, ඇඩොල්ෆ් පීෂර්,ලුවිස් ලින්ග් යන අයට මරණ දඩුවම ද, ඔස්කා නිබේ ට වසර 15 සිර දඩුවම්ද, මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, දෙදෙනාට ජිවිතාන්තය දක්නා සිර දඩුවම් ලබා දෙන ලදි. එල්ලා මැරීමට පෙර ලුවිස් ලින්ග් බෝම්බයක් පුපුරවා ගෙන මිය ගිය අතර,1887/11/11 දින අනෙක් සිව් දෙනා එල්ලා මරා දමන ලදි. ඔවුන් කම්කරු පන්ති විමුක්තියේ වීර භටයන් ලෙස මරණයට එඩිතරව මුහුණ දුන්හ. එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඕගස්ට් ස්පයිස් “අපේ වචනවලටම වඩා අපේ නිශ්ශබ්දතාවය බලගතු වන කාලයක් වැඩිකල් නොගොස් උදාවන බව“ අවසාන වශයෙන් පවසා ඇත. මෙම නඩු විභාගය පක්ෂපාතීව පවත්වා තිබෙන බවත් එල්ලා මරා දමනු ලැබූ පුද්ගලයන් ඇතුළු අට දෙනාටම විරුද්ධව චෝදනා එල්ල වී නොතිබුණු බවත් පක්ෂපාතී ජූරි සභාවක් තෝරා ගෙන තිබුණු බවත් පසුව හෙළි විය. 1893 ජුනි 26 දින ආණ්ඩුකාර වරයාගේ තිරණයකින් සිරගත වු ඔස්කා නිබේ, මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, යන අයට නිදහස ලැබුණි.

ශ්‍රී ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ 1933 දීය. එවකට ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් හිදී මැයි රැලියක් පවත්වනු ලැබීය. මෙහි තේමාව වූයේ ‘රාජ්‍ය පාක්ෂික වෙමු’ යන්නයි. මේ අවස්ථාවට යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන්ට හා ඔවුන්ගේ බිරියන්ට ආරාධනා කර තිබුණි.

කෙසේ වෙතත් අද මැයි දිනය කම්කරු පන්තියේ අවශ්‍යතා මත නොපවත්වන අතර එක් එක් දේශපාලන පක්ෂවල පටු දේශපාලන අවශ්‍යතා සඳහා පවත්වනු ලබයි. විවිධ වර්ණ යොදා ගනිමින් කම්කරු පන්තියේ අරමුණු අපේක්‍ෂා ඉල්ලීම්වලට පටහැනිව පවත්වන මැයි සැණකෙළිවලින් ඉවත් ව කම්කරු පන්තියේ වර්තමාන හා අනාගත අරමුණු සඳහා මැයි දිනය යොදා ගැනීම වැඩකරන පන්තිය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන දැන්වත් අවධානය යොමුකළ යුතු වේ

No comments:

Post a Comment