Tuesday, January 31, 2012

බෝල්පොයින්ට් පෑනේ ඉතිහාසය....



බෝල්පොයින්ට් පෑනේ ඉතිහාසය....

උදේ හවස පෑනත් එක්කම ඉන්න අපි බෝල්පොයින්ට් පැනේ ඉතිහාසය ගැනත් ටිකක් දැන ගමුද ළමයිනේ අද??

•1879 දී Alonzo T. Cross මහත්මයා තමයි පෝල්පොයින්ට් පෑනේ පුර්වගයා එහෙමත් නැත්නම් පූර්වනිමිත්ත වුන stylographic fountain පෑනේ නිර්මාතෘ.

•stylographic fountain පෑන ගැන බලන්න, දැන ගන්න ඕන නම් මෙන්න මෙතනින් බලන්න

•මේ කාලයෙ Duncan Mackinnon මහත්මයත් A.T.Cross මහත්මයත් එක්කම කරට කර stylographic fountain පෑන් හැදුවා.

•1884දී Lewis Edson Wateman මහත්මයා තවත් අඩියක් ඉස්සරහට තිබ්බා මේ ලියන උපකරණය නැත්නම් writing instrument එකේ විකාශනයට.

•තීන්ත පෑන භාවිතයේදී ආපු ලොකුම ගැටළුව තීන්ත වේලෙන්න ගොඩක් වෙලා ගියපු එක ඒක මගහරවගෙන බෝල්පොයින්ට් පෑනක් නිර්මාණය කරන්න මුලින්ම අදහසක් ඇති වුනේ ජර්මන් ජාතික Baum මහත්මයාට.

•ඒ කොහොම උනත් මුලින්ම බෝල්පොයින්ට් පෑන ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා 1938දී එළිදැක්වුවේ හංගේරියානු ජාතික ජනමාධ්‍යවේදියෙක් වූ Laszlo Jazset Biro මහත්මයා. ඔහු තමයි බෝල්පොයින්ට් පෑනේ නිර්මාතෘවරයා විදිහට සලකන්නේ.

•ජනමාධ්‍යවේදියෙක් වූ Biro මහත්මයා අධ්‍යනය කලා පත්තර මුද්‍රනයේදී භාවිතා කරන තීන්ත ඉතා ඉක්මනින් කඩදාසිය බොද වීමකින් තොරවම වේලෙන බව මේ අදහස ඔළුවේ තියාගෙන ඉදපු මහත්මයා තීන්ත පෑනටත් මේ වගේම ඉක්මනින් වේලෙන තීන්ත වර්ගයක් භාවිතා කරලා බලන්න උත්සාහ කරා.

•ඝන බවින් වැඩි තීන්ත, පෑන් තලය හරහා ගලා යන්න අපහසු නිසා ඔහු පෑනේ, පෑන් තුඩ අගට ඉතාම කුඩා ප්‍රමණයේ බෝල බෙයාරමක් සවි කරා."කඩදාසිය මත ලිස්සා යාමේදී මෙම බෝලය කරකැවී එහි උරාගෙන ඇති තීන්ත කඩදාසියට මාරු කරනවා" මේ මුලධර්මයේ නිර්මාතෘ John J. Loud මහත්මයා.ඔහුට ඒ සදහා 1888දී පේටන්ට් බලපත්‍රයත් හම්බුනා.

•1938දී පළමු පේටන්ට් බලපත්‍රය ලබාගන්න Biro මහත්මයා 1940දී ආගන්ටිනාවට පළා යන අතර එහිදීද ඔහු නැවත වතාවක් 1943 ජුනි 10දින බෝල්පොයින්ට් පෑනට පේටන්ට් බලපත්‍රය ලබා ගන්නවා.

•1944 දී Biro යන වෙළඳ නාමයෙන් රාජකීය ගුවන් හමුදාවට බෝල්පොයින්ට් පෑන් නිෂ්පදනය කිරීම අරඹන අතර 1945දී Eterpen සමාගම මගින් Biro පෑනේ සම්පූර්න අයිතිය ලබාගත් අතර Eversharp CA යන වෙළඳ නාමයෙන් වෙළද පොලට නිකුත් කරන ලදී.

•1944 දී Biro යන වෙළඳ නාමයෙන් රාජකීය ගුවන් හමුදාවට බෝල්පොයින්ට් පෑන් නිෂ්පදනය කිරීම අරඹන අතර 1945දී Eterpen සමාගම මගින් Biro පෑනේ සම්පූර්න අයිතිය ලබාගත් අතර Eversharp CA යන වෙළඳ නාමයෙන් වෙළද පොලට නිකුත් කරන ලදී.

•1954දී Paker සමාගම පළමු වරට ඔවුන්ගේ නිෂ්පාදනය එළිදක්වන අතර එම වසර තුලදී පමණක් මිලියන 3.5ක පෑන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ලදී.
පෑන් පාවිච්චි කරන හැමෝම පෑන සොයා ගත්තු මහත්වරුන්ට කරන ගෞරවයක් විදියට මේකට කමෙන්ටුවත් දාලා ශෙයාර් කරමු