Sunday, December 11, 2011

ආදරය


ආදරය යනු තේ කෝප්පයක් නම් ශෘන්ගාරය යනු එයට දමන් සීනි ‍ටික වේ.. සීනි වැඩි වූ කල තේ එක බීමට නොහැක..සීනි අඩු වූ කල තේ එක රස නැත !!

Saturday, December 10, 2011

අපේ පඩිය !


අපේ පඩිය අපිට ලැබෙනකම් අපි බලාගන ඉන්නේ ඇගිලි ගැන ගැන නේද ?? ඒත් අපේ පඩි පැකැට් එකට වෙන දේ දන්නේ පඩි පැකැට් එකම තමා ... කොල්ලෝ කෙල්ලෝ ටික දාමු බලන්ඩ කොමෙන්ට්ස් එකක් !!!!

Thursday, December 8, 2011

තවත් පුංචි ආදර කතාවක් !!

ඔන්න වෙනදා වගේම මම පටන් ගන්නම්කෝ මෙහෙම එකමත් එක රටක හිටියලු පෙම්වතුන් දෙදෙනෙක්... අපි ඒ දෙන්නා සාලිය හා ‍මේඛලා කියලා හදුන්වමු.. මේඛලා එයාගේ පණටත් වඩ සාලියට ආදරෙයි .. හරියට අම්ම කෙනෙක් එයාගේ දරුවාට ආදරෙයි වගේ... ඒකට හේතුවක් තිබුණා !! සාලියගේ ඇස් දෙකම පේන්නේ නෑ .....

ඒක නිසා මේඛලා ගොඩාරියක් සාලියට ආදරේ කරා !!

දවසක් මේඛලා සාලියගෙන් මෙහෙම ඇහුවා... " සාලිය , ඔයා මාව බදිනවාද ? " කියලා

එතකොට සාලිය මෙහෙම කියනවා " ඔව් ! මගේ ඇස් දෙකම පෙනෙන්න ගත්තට පස්සේ මම ඔයාව බදිනවා "

සාලිය එහෙම කියන්නේ හිතේ ලොකු දුකක් තියාගන, ඒ ඇයි කියලා දන්නවානේ ??

ඔහොම ටික දවසක් ගත වෙනවා.........

පස්සේ සාලියට සතුටු හිතෙන ආරංචියක් ලැබෙනවා...ඒ තමයි එයාට කවුද කෙනෙත් ඇස් දෙකක්ම දන් දීලා...

....... දැන් සාලියට හොදට පේනවා .......

සාලිය සතුටු සිතින් මේඛලාව බලන්න යනවා .

ඒත්... මේඛලාව දැකලා සාලිය තුෂ්ණිම්භුත වෙනවා..

දෙයියනේ !! මෙඛලා ඇස් 2 ම කාටද දන් දීලා .. ඒ කාටවත් නෙවේ .. සාලියට

අන්ධ මේඛලා සාලියගෙන් මෙහෙම අහනවා

" සාලිය ! දැන් ඔයා මාව බදිනවාද ? " කියලා

සාලිය එක්වරම කියනවා " දෙයියනේ මට බෑ අන්ධ ලමයෙක්ව මගේ බිරිද කරගන්න "

මේඛලා කවදාවත්වම හිතුවේ නැති උත්තරයක් ඒක..

සාලිය එහෙම කියලා යන්න හැරෙනවා

" සාලිය ! " මේඛලා එක්වරම පිටත්ව යන්නට සැරසෙන සාලියව අමතනවා

" සාලිය ඔයාට මාව එපා උනාට කමක් නෑ මගේ ඇස් දෙක හොදට පරිස්සම් කරන්න "

ඒ වෙනකම්ම සාලිය දැනගන හිටියේ නෑ එයා දැන් ලෝකය දිහා බලන්නේ මේඛලාගේ රත්තරන් ඇස් 2න් කියලා

- බුල්ටො කඩේ වෙනුවෙන් ලිවුවේ හසිත හේරත් -

පිරිමි ලමයි තරහ වෙන්න එපා මේක චූටි ආදර කතාවක් විතරයි..ඔයාට හිතෙන දෙවල් ලියන්න

Tuesday, December 6, 2011

ඔයා තමයි මගේ ලෝකේ වීරයා.


නිදහස් ලෝකයක නිදහස් කිරිල්ලියක මෙන් තම මවගේ දෑත් මතින් දිව ආ පුංචි දියණිය හිස් ලූ ලූ අත දිව ගොස් එක්තරා තැනක නතර වී යමක් සොයන්නට විය.බිත්තියේ කො‍ටා තිබූ දෙයක් දැක ඇය එක්වරම කෑ ගසන්නට විය

'' අම්මේ !!! තාත්තා ඉන්නවා ! "

'' අම්මේ තාත්තගේ නම තියනවා . මේ ..... සාමාන්‍ය සෙබළ සමරකෝන් එච්.එම්.බී.''
... තාත්තගේ නම ලස්සනට ලියල අම්මේ මේ බලන්නකෝ !!!

තාත්තේ ඔයාව මම කවදාවත් දැකල නෑ.ඔයාගේ උණුසුම මට දැනිල නෑ කවදාවත්.කට ඇරල කවදාවත් ''තාත්තේ'' කියන්න මම පිං කරල නෑ මගේ තාත්තේ.ඔයා අපේ අම්ම‍ට මාව දීල මටත් නොකියම අපිව දාලා ගිහින්..මම කොච්චර පවු කාරියෙක්ද තාත්තේ??

ඒත්....

ඔයා වගේ වීර තාත්තා කෙනෙක්ගේ චූටි දුව වෙන්න ලැබුන එකම කොච්චර ලොකු පිනක්ද.කවදා හරි මට මගේ යාළුවන්ට කියන්න පුළුවන් අපේ තාත්තා රට වෙනුවෙන් දිවි පුදල කියලා.ඔයා මම මේ ලෝකෙට එන්නත් කලින් ඔයා මේ රට , මට , අපිට පිරිසිදු රටක් කරල ගිහින්..මම ඔයාට සදා ණයගැතියි තාත්තේ..

මම අම්මාගෙන් ඇහුව ඇයි අම්මට තාත්තාව මතක්වෙලා ඇඩෙන්නේ නැද්ද කියලා.අම්ම කිවුවා '' මම අඩන්නේ නෑ පුතේ! තාත්ත කවදාක්වත් කැමති උනේ කෑ අම්මාග් ඇස් වලින් කදුලු වැටෙනවට .. රට බේරගත්තු වීරයෙක්ගේ බිරිද වෙන්න ලැබුන එකට මම කොච්චර සන්තෝස වෙනවාද .. ඒත් එකම දුකයි පුතේ තියෙන්නේ පුතාලගේ රට බේරගත්තු පුතාලගේ තාත්තලාට යුධ අපරාධකරුවන් කියලා නම් පට බැදලා පිට රට මිනිස්සු ..තාත්ත එහෙම නෑ මගේ පුතේ,තාත්තා හරිම අහිසංසක මනුස්සයෙක්'' කියලා

ඒක ඇත්ත කියල මම දන්නවා තාත්තේ !!හ්ම් ....

මම ලොකු උන දවසක මම තාත්තා ගැන ලෝකෙටම කියනවා තාත්තේ.ඔයා තමයි මගේ ලෝකේ වීරයා.

වුද්ධිකාරෝ අලිංගිත්වා
චුම්භිත්වා පිය පුද්ධහං
රාජ මජ්ජං සුප තිට්ඨං
පීතු පාදන් නමා මහං !!

පුංචි දියණිය කවදාවත් මේ තාත්තාව දැකලා තිබ්බේ නෑ.ඒකට හේතුව පුංචි පුතා ඉපදෙන්නත් කලින් පුංචි පුතාගේ තාත්තාව දරුණු ත්‍රස්ථවාදය උදුරගන ගිහින්.ඒත් ඒ තාත්ත ගියේ මේ පුංචි දෝණිට නිදහස් රටක් හදල !!

- හසිත හේරත් -
ඡායරූපය උපුටා ගැනීම වෙනුවෙන් ස්තූතිය - සමිතා සමන්මලී වෙත !!

රත්තරං පුතේ


රත්තරං පුතේ රටත් වටින උඹේ තරුණ ජීවිතය රට වෙනුවෙන්ම උඹ පූජා කරලා .. ආත්මයක් ආත්මයක් පාසා උඹට මේ පින පඩිසන් දේවි..උ‍ඹ දෙවියෙක් වෙලා දෙව් ලොව උපදීවි..උඹේ අම්මා උඹ වගේ පුතෙක් වදපු පිනෙන්ම දෙව් ලොව යාවි..
රට වෙනුවෙන් උඹ මෙහෙම කානු පල්ලක වීරයෙක් වගේ මැරිල අපිට රටක් ඉතුරු කරල දුන්නා.ඒ දේට අපි මැරෙන තුරු අපි උඹට ණයගැතියි පුතේ !!

යුධ හමුදා රෝහලේ වාට්ටුවකදී සිදුවූ කතාබහක් !!



දිනුක - ''මතකද සමන් ! අපි දෙන්න ඉස්කෝලෙ යන කාලේ රණ්ඩු උනා ලොකු උනාම කවුද ලොකුම ලොක්ක වෙන්නේ කියලා.. ''

සමන් - '' ඔව් දිනුක , එදා මම ඔයාත් එක්ක රන්ඩු උනා ඒක කරන්නේ මමයි කියලා. ඔයා පන්තියේ අන්තිම වෙනකොට මම ඔයාට නෝන්ඩි දැම්මා.ඒ පොඩිකාලේ නිසා දිනුක''

දිනුක - '' මම ඔයා එක්ක කේන්තියෙන් හිටියේ පොඩිකාලේ..ඔයා මට හැමදාම නෝන්ඩි දාපු නිසා.ඔයා හොදට ඉගනගෙන කොලඹ ඉස්කෝලේ ආවා.ඔයා ගියාට පස්සේ මගේ ජීවිතේ වෙනස් උනා.මගේ තාත්තා නැති උනා.පවුල රකින්න වෙන විදියක් තිබ්‍බේ නෑ.අම්මයි අක්කල දෙන්නයි නංගිවයි රකින්න මම යුධ හමුදාවට බැදුනා''

සමන් - '' ඔවු මම හොයල බැලුවා ! එතකොට ඔයා ආර්මි එකට ගිහින් කියලා දැනගන්න ලැබුනා . එදා මට තේරුනා ඔයා ගොඩක් ලොකු පරිත්‍යාගයක් කරලා තියෙන්නේ කියලා ''

දිනුක - '' මම මුලතිව් සටනට කෙලින්ම සම්බන්ධ උනේ මගෙ මොරාල් එක එදා ඉදන්ම ඔළුවේ ලොකුවට තිබුන නිසා..ඒත් මාව බෝම්බයකට අහුවෙලා මගේ කකුල නැති වෙවි කියල ලොකුවට හිතේ තිබ්බේ නෑ..රට වෙනුවෙන් ජීවිතය හරි පූජා කරන්නයි මම හිතාගන හිටියේ.''

සමන් - '' ඔහොම කියන්න එපා දිනුක !! මගේ හිත වාවන්නේ නෑ.. රට වෙනුවෙන් තමන්ගේ ශරීරයෙන් බාගයක් පූජා කරපු ඔයාගේ වෛද්‍යවරයා වෙන්න ලැබුනු එක මම කරපු ලොකු පිනක්''

දිනුක - '' මටත් එහෙමයි කවදාවත් හිතුවේ නැති විදියට ඔයයි මායි ආයෙත් හමු උනා. ඉස්සර ව‍ගේ නෙවේ රටට වැඩක් කරන ලොකු මිනුස්සු දෙන්නෙක් විදියට''

සමන් - '' නෑ දිනුක!! මම වෛද්‍යවරයෙක් උනාට ඔයාලා අපිට ඉන්න රටක් බේරලා දුන්නා.මට වඩා ඔයා රටට ලොකු සේවයක් කරල තියනවා.අපේ රට බේරුනේ ඔයාලා වගේ රත්තරං කොල්ලෝ තමන්ගේ ජීවිත පූජකරල රට වෙනුවෙන් කැප උන නිසා .. ඔයයි ලොකුම ලොක්කා ! ''

රණවිරුවාගේ දෑසින් සතුටු කදුලු කැට කඩා වැටෙන්නට විය..රට වෙනුවෙන් පූජා කල කකුල වෙනුවට දැමූ යකඩ කකුල අත ගාමින් තම රෝද පුටුවත් පදවාගන කොරිඩෝව දිගේ සිනහ මුසු ආඩම්බර ලීලාවෙන් ඉදිරියට ඇදී නොපෙනී ගියේය.වෛද්‍යවරයා හිතේ පුරවාගත් සොයුරු පෙමකින් ඔහු දෙස බලා සිටියේය !!

- හසිත හේරත් -

රණවිරුවන් වෙනුවෙන් ඔබේ සිතේත් සොයුරු පෙමක් පිරී ඇත්නම් කොමෙන්ටුවක් දමා ශෙයාර් කරන්න

සොක්‍රටීස්


අහල ඇතිනේ සොක්‍රටීස් ගැන ලෝකයේ හිටපු හොදම දාර්ශනිකයෙක්
මේ මිනිහට වුනු සිද්ධියක්

සොක්‍රටීස් තමන්ගෙ ‍ගෙදර ඉදන් දේශන කරනවා ඒත් මිනිහගෙ බිරිද මේකට කැමති නෑ ගෑණු කොහොමත් එහෙමනේ.දවසක් සොක්‍රටීස් දේශනයක් කරනකොට ගෑණි ගේ ඇතුලේ ඉදන් කෑගහනවා සොක්‍රටීස් ඒක සත පහකට ගණන් ගන්නෙවත්
නැතුව ඊටත් හයියෙන් දේශනය කරනවා පසසෙ ගෑණි ඇවිත් හෝද හෝද හිටපු භාජනේ ඉදූල් වතුර ටික මිනිහගෙ ඔලුවට හලනවා එතකොට සොක්‍රටීස් හිනාවෙලා කියන්නෙ මොකක්ද දන්නවද

''සෑම ගෙරවිල්ලකටම පස්සෙ වහින බව දන්නවනේ සිසුවනි''

ගෙරවිල්ල යනු ගෑනිගේ සද්දය වන අතර - වැස්ස යනු ඉදුල් වතුරයි !!

- පෝස්ට් එක කඩේට දුන්නේ උමේෂ් මෝරමුදලි -

Friday, December 2, 2011

අප නුඹට සදා ණය ගැති වෙමු !!




අප නුඹට සදා ණය ගැති වෙමු !!

දෑතට යොමා හදවත සවි කොට පුතුනේ
අතපය පවා රටකට දන්දුන් පුතුනේ
දැඩි කොට සිරුර රටවෙනුවෙන් නුඹ පුතුනේ
මතු දිනයක අරහත් බව වෙයි පුතුනේ

සිරුරේ දුවන රතු ලේ ගුලි හලාගන
හදවත පුරා ලක්මව් පොදි ගසාගන
සිරවී තිබූ සුසුම් ගුලිය තබාගන
සිනසෙනු පුතේ අද නුඹ හද වසාගන

ලක්මව වෙනුවෙන් හලනා දහබිදු නුඹගේ
කැපුවේ නුඹේ අත් පා ඇය වෙනුවෙන්නේ
රැගගත් නුඹයි ලක්මව නිති පුතනුවනේ
ණයගැති නොවෙද අප ආදර රණ පුතුනේ

හසිත හේරත්

- බුල්ටෝ කඩේ කදමල්ලෙනි -