Tuesday, April 24, 2012

අපි නොදන්න හෙළුව !!!


ලිපිය ටිකක් දිගයි ... ඒත් සිංහල අපි හැමෝම භාෂාවේ සුන්දරත්වය දැනගනිමු..කතාකරාට ලිවුවට නොවේ ඇතුලාන්තය දැනගනිමු

ඔන්න අද අපි අපේ මව් බාසාව වන සිංහල භාෂාවේ හෝඩිය ගැන පොඩ්ඩක් දැනගනිමු..අපි මේ ලියන කියන හැම දෙයක්ම හැදෙන්නේ මේ හෝඩියෙන්නේ.ඉතිං අපි බලමු ඇත්ත‍ටම මේ හෝඩිය කොහොම එකක්ද කියලා , ඊට කලින් අපි දැනගනිමු අපිට තිබුන හෝඩි මොනවාද කියලා..

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
සිංහල හෝඩි කිහිපයකි

►•ශුද්ධ සිංහල හෝඩිය / එළු හෝඩිය/හෙල හෝඩිය / නුමුසු සිංහල හෝඩිය
හෙල බසෙහි සියළු වචන ලිවීමට ප්‍රමාණවත්ය..අක්ෂර 32 කි එහි මහප්‍රාණ අක්ෂර නැත

►•සිදත් සඟරා හෝඩිය
දඹදෙණි යුගයේ සකසන ලද්දකි. කව් ලැකියට අවැසි අකුරු පමණක් දක්වා ඇත.

►•පන්සල් හොඩිය
සිංහල බස ලිවීමට වඩා පාලි සහ සංස්කෘත ලිවීමට යෝග්‍යවේ

►•මිශ්‍ර සිංහල හෝඩිය
ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කාත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891 පලකල A Comprehensive Crammer of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහිවේ.අක්ෂර 54 කි

►•සිංහල වර්ණ මාලාව
ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල හොඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි. අක්ෂර 58
•ෆ අකුර ඇතුලත්වීම
•සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
• ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම

►•නවීන සිංහල හෝඩිය
20, 21 සියවස තුල ක්‍රමිකව පරිනාමයව වර්තමානයේ අඩු වැඩි ලෙස යොදාගන්නා සිංහල අකුරු මාලාවයි.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

◄සිංහල භාෂාවේ අක්ෂර►

◄ස්වර (පණකුරු )►
මාත්‍රාවක් ඇතුළත කියා නිම කළ හැකි අයුරු මෙම ගණයට අයත් වේ. මේවා ලූහු අකුරු කියාද හැඳින්වේ
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ)

◄ව්‍යාංජනාක්ෂර (ගතකුරු)►
මෙම අක්ෂර තනිව උච්චාරණය කළ නොහැකිවාක් මෙන් ම උගුරේ සිට ශබ්දය බාධාවක් සහිතව පිටවීම ලක‍ෂණ කොට ඇති ගතකුරු ලෙසට හඳුන්වයි.
ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

අක්ෂර වර්ග කිරීමත් අපි දැනගනිමු.ශබ්ධ මගින් මුඛය තුල අක්ෂරය උපදින තැන අනුව අකුරු වර්ග කිරීම කර තිබෙනවා.අපි ඒ සියල්ල දැන ගනිමු

•කණ්ඩජ(උගුරෙන්)•
අ ආ ක ඛ ග ඝ ඩ හ ඟ

•තාලුජ (තල්ලෙන් )•
ඉ ඊ ජ ච ජ ඣ ඤ ය ශ ඦ

•මුර්ධජ (මුදුනෙන්)•
ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ ඬ

•දන්තජ(දත්වලින්)•
ත ථ ද ධ න ල ස ඳ

•ඹ්ෂ්ඨජ (තොල්වලින්)•
උ ඌ ප එ බ භ ම ඹ
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
►අන්තඃස්ථාක්ෂර
අන්තඃස්ථ යනු අතරෙහි පිහිටි යන තේරුමයි. ස්වර හා ව්‍යඤ්ජන අතරෙහි පිහිටි අක්ෂර අන්තඃස්ථාක්ෂර වෙයි.

ඒවා නම් ය, ර, ල, ව යන අක‍්ෂරයි.

►ඌෂ්මාක්ෂර
ඌෂ්ම යන්නෙන් අදහස “උණුසුම” යන්නයි. උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිටවන හෙයින් මේවා ඌෂ්මාක්ෂර ලෙසට හඳුන්වාදී ඇත.

ශ, ෂ, ස, හ, ෆ

►අල්පප්‍රාණාක්ෂර
එක් එක් වර්ගයට අයත් පළමු හා තුන්වන අකුරු අඩු වූ ශ්වාසයකින් උච්චාරණය කළ හැකි නිසා අල්ප්‍රප්‍රාණ ලෙස හැඳින්වේ.

ක, ච, ට, ත, ප
ග, ජ, ඩ, ද, බ

►මහප්‍රාණාක්ෂර
ඛ, ඡ, ඨ, ථ, ඵ
ඣ, ඪ, ධ, ඝ, භ

වර්ගයෙන් දෙවන හා හතරවන අක්ෂර මෙම ගණයට අයත්ය.

►ඝෝෂාක්ෂර
වර්ගයන්ගේ තුන, හතර, පහ යන අක්ෂරත් අන්තස්ථාක්ෂරත් හ, ළ, අං යන අක්ෂරත් මෙයට අන්තර්ගතය.

ග, ඝ, ඬ, ජ, ඣ, ඤ, ඩ, ඪ, ණ
ද, ධ, න, බ, භ, ම, ය, ර, ල, ව
හ, ළ, අං

►අඝෝෂාක්ෂර
වර්ගයන්ගේ පළමුවන හා දෙවන අකුරුත් ශ, ෂ, ස යන ඌෂ්මාක්ෂරත් විසර්ගයත් අඝෝෂ වේ.

ක, ඛ, ට,ඨ, ත, ථ
ච, ඡ, ප, ඵ, ශ, ෂ, ස
අඃ

►වර්ගාන්තාක්ෂර
වර්ගයන්ගේ අවසානයෙහි ඇති නාසයෙන් උසුරුවනු ලබන අක්ෂරයන් පහ වර්ගාන්තාක්ෂර ලෙස හැඳින්වේ.

ඩ, ඤ, ණ, න, ම

►අනුස්වාරය
ස්වරයකට පසුව යෙදී උසුරුවීම නිසා බිංදුව අනුස්වාරය යැයි කියයි.

(අ) ං

►විසර්ගය
ස්වරයකට පසුව යෙදී උච්චාරණය වන උච්චාරණයේදී “හ්” යන්නට සමාන හඬක් නංවන අක‍්ෂරය විසර්ගයයි.

(අ)ඃ
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
එහෙනම් අපි පිල්ලම් ටිකත් අදුනාගම්මු ද ?? ඒවාට කියන නම් එක්කම

•(ප්) හල්පිල්ල
•(ආ) ඇලපිල්ල
•(ඇ) කෙටි ඇදපිල්ල
•(ඈ) දිර්ඝ ඇලපිල්ල
•(රි) ඉස්පිල්ල
•(රී) දීර්ඝ ඉස්පිල්ල
•(දු,ටු,තු ) කෙටි පාපිල්ල
•(දූ,ටූ,තූ ) දීර්ඝ පාපිල්ල
•(ඍ) ගැටය සහිත ඇලපිල්ල
•(ඎ) ගැටය සහිත ඇලපිලි දෙක
•(කෙ) කොම්බුව
•(ඒ) හල්පිල්ල
•‍‍ෛඑ කොම්බු දෙක
•(කො) කොම්බුව හා ඇලපිල්ල
•(කෝ) කොම්බුව හා හල්ඇලපිල්ල
•(ඖ) කොමුබුව හා ගයනුකිත්ත
•්‍ය යංශය
•ර්‍ම රේඵය
•(ත්‍ර) රකාරංශය
•(අං )බිංදුව (අනුස්වාරය)
•(අඃ)බිංදු දෙක (විසර්ගය)

෴ කුණ්ඩලය පැරණි ග්‍රන්ථවල අවසානය දැක්වීමට යොදා ගැණිනි.

ඉතිං මේ පොඩ්ඩයි බුල්ටෝ කඩේ අපි ඔයාල වෙනුවෙන් ගෙනාවේ..අපි ඉස්සරහදී අපි ඔයාල හැමෝගෙම මව් බස ගැන තවත් ලිපි ගෙන එන්නම්.එතකම් අපේ හෝඩියේ සුන්දරත්වය කල්පනා කරල බලන්න‍‍.අපි ලියන කියන සෑම අකුරක්ම මෙහි අන්තර්ගතයි හොදද !!

අලුත් දෙයක් දැතගත්තානම් අපිට කොමෙන්ටුවකුත් දාලා මේක අනිත් අයටත් බලන්න ශෙයාර් කරමු

1 comment: