Thursday, April 26, 2012

මමත් වීරයෙක් !!!



දොරගාවට වෙලා මම දොරෙන් බලාගන හිටියේ ඊළග මොහොතේ සිද්ධවෙන්න යන දේ ගැන.කවදාවත් මේ හැගිම හිතේ නොතිබ්බට මගේ හිත අද මොකද්ද වෙලා.මාස ගානක් හිතේ හිරකරගන ගතේ හිරකරගන ඉදලා අද ඔක්කෝම ඇස් පනා පිටටම ඇවිත්..එයාගේ සද්දේ මට අහන් ඉන්න බෑ.කන් කීරි ගැහෙනවා..හිතට මොකද්දෝ බයක් එක්ක කියාගන්න බැරි සතුටක්..ඒත් !! හිත මුරණ්ඩු වෙලා , දකිනකම් ඉවසිල්ලක් නෑ.. " ලෝකේ ලොකුම තෑග්ග මට එයා අද දෙන්න හදන්නේ"දෙයියනේ !!! මාව ගල් උනා ඒ මම ද ??? මගේ කොටසක් නේද ??

" සර් !! මගේ සුබ පැතුම් ඔයා‍ගේ බිරිදට පුතෙක් ලැබුනා "

මට මොකද්ද වීගන එනවා..ඇස් වලින් කදුළු වැටෙනවා..කවදාවත් නොදැනුනු වගකීමක්..ආදරයක්..එයා වෙනුවෙන් අපේ පුතා වෙනුවෙන්..

" මම දැන් තාත්තා කෙනෙක් "

තාත්ත කෙනෙක්ගේ හිත මට දැනුයි තේරෙන්නේ .. මගේ තාත්තාටත් මාව ලැබුන දවසේ මෙහෙම හිතෙන්න ඇති අම්මා ගැන ආදරයක් ඇති වෙන්න ඇති..මාව ආදරෙන් තුරුල් කරගන්න බලාගන ඉන්න ඇති.

"ඒත් ! අද එයාගේ මුණුපුරා බලන්න එයා අපි ගාව නෑ"

තාත්තේ ඔයයි මගේ එකම වීරයා !!

-හිත ගිය තැන් -
හසිත හේරත් -

No comments:

Post a Comment