Thursday, May 10, 2012

යුරේකා !! යුරේකා !!



මතකද ආකිමිඩිස්ව? නෑ නෑ අර කැම්පස් එකේ ප්‍රකාශ රසායන විද්‍යාව උගන්නපු සර් නෙමෙයි අපි පොඩි කාලේ අහලා තිබුන ග්‍රීසියෙන් පහළ වුන මහා නැණවතා. අන්න ඔහු ගැන ලිපියක් ලියන්න හිතුවා අද.

ක්‍රිස්තු පූර්ව 287 දී සිසිලියේ උපත ලද සර්කියුස් හි ආකිමිඩිස් කියන්නේ ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු වගේම තාරකා විද්‍යාඥයෙකි.

ආකිමිඩිස් ගෙන් තොර භෞතික විද්‍යාවක් හිතා ගන්නවත් බැරි තරම්. "මට මේ මුළු ලොවම හොල්ලන්න පුළුවනි. ඒ සඳහා මට අවශ්‍ය සුදුසු දිග ප‍්‍රමාණයේ ලීවරයක් පමණයි." ආකිමිඩිස් නිතරම පැවසූ වදනක්. ඔහු විසින් ද්‍රවස්ථිතිය, ස්ථිතිකය පිලිබඳ සංකල්ප හා ලීවර මූලධර්ම පිලිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ අතර ඒවා භෞතික විද්‍යාවේ ප්‍රගමනයේ පදනම බවට පත්විය. එමෙන්ම ඔහු සීජ් එන්ජින් (Siege Engine), ආකිමිඩිස් ඉස්කුරුප්පු පොම්පය (Archimedes Screw Pump) ඇතුළු නවීන යන්ත්‍ර සැලසුම්කරණයේ කීර්තියක් දිනා ගත් අයෙකි. ප්‍රහාරක නෞකා වතුරෙන් එසවීමට හා දර්පණ භාවිතා කරමින් නැව්වලට ගිනි අවුලවීමට හැකියාව ඇති යන්ත්‍ර, ආකිමිඩිස් විසින් සැලසුම් කරා.

ආකිමිඩිස් හා බැදුන කතා ගොඩක් තියෙනවා ඒ අතරින් වඩාත් ප්‍රචලිත කතාව කෙටියෙන් කිව්වොත්........

සිරාකස් හි හීරෝ රජු යුද්ධයෙන් ජයගත් අතර ඔහු මෙම ජයග‍්‍රහණය සැමරුවේ දෙවියන්ට තෑගි ප‍්‍රදානය කරමිනි. රන්කරුවකු ලවා රත්රන් ඔටුන්නක් සාදාගත් රජු එය දෙවියන්ට පූජා කරන්නටයි සූදානම් වූයේ . එහෙත් රජතුමාගේ හිතේ මේ ඔටුන්න ගැන යම් කුකුසක් ඇතිවුණා. මේ ඔටුන්න පිරිසුදු රන් වලින් ම නිමවා ඇත් දැයි දැන ගන්නට රජතුමාට අවශ්‍ය වුණා.මේ සඳහා කැඳවූයේ ආකිමිඩිස්ව යි. ආකිමිඩිස්ගේ බුද්ධියටත් මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් දෙන්නට පුළුවන් වුණේ නැහැ. ඔහු මේ ගැන හිතමින් කල් ගත කළා. දිනක් නාන බේසමට වී මේ ගැන කල්පනා කරන විට ආකිමිඩිස්ට එයට නිවැරදි පිළිතුර සොයා ගන්නට පුළුවන් වුණා. තමන් සොයා ගත් විසඳුම ගැන අපමණ සතුටට පත් ආකිමිඩිස් නාන බේසමෙන් බැස රජතුමා වෙතට දිව ගියා. ඔහු කොයිතරම් නම් කලබල වී සිටියා ද කියනවානම් ඇඳුම් ඇඳගන්න තරම් වත් මතකයක් ඔහුට තිබුණේ නැහැ.

පුරාතණයේ විසූ විශිෂ්ඨතම ගණිතඥයා ලෙස සලකන ලද ආකිමිඩීස් සකල ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ගණිතඥයන්ගෙන් එක් අයෙකි. ඔහු විසින් පයි (pi) නියතය සඳහා ඉතා නිවැරදි ආසන්නතම අගයක් ගණනය කිරීමට සමත්වුණා . ඒ සඳහා ඔහු විසින්, අපරිමිත ශ්‍රේණියක එකතුවක් සහිත පරාවලයක ඡාපයට යටත්ව පවතින කොටසේ වර්ගඵලය, නිරවශේෂණ ක්‍රමය භාවිතයෙන් ගණනය කරන ලදී. ඒ වගේම ඔහු විසින්, පරිභ්‍රමණය වන පෘෂ්ඨ වල පරිමාව සඳහා සමීකරණයක් වන ආකිමිඩිස් සර්පිලය (spiral) අර්ථ දැක්වූ අතර ඉතා විශාල සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා ඉතා අනර්ඝ ක්‍රමයක් ද අර්ථ දැක්වූවා.

කි‍්‍ර.පූර්ව. 215 දී රෝමවරුන් සර්කියුස් නගරය යටත් කරගත්තා. සර්කියුස් නගරය යටත් කර ගැනීමට හැකි වීම පිළිබඳව ජනරාල් මාර්සලස් සිටියේ අපමණ සතුටකින්. සර්කියුස් හි සිටි මහා ප‍්‍රාඥයා වන ආකිමිඩිස් පිළිබඳව ඔහුගේ සිතේ තිබුණේ අපමණ ගෞරවයක්. ආකිමිඩිස්ව දැන හඳුනා ගැනීමේ ආශාවෙන් සිටි ජෙනරාල්වරයා ඔහුව තමන් වෙතට රැගෙන එන ලෙසට තමන්ගේ සෙබළුන්ට නියෝග කළා. ආකිමිඩිස්ව සොයා ගෙන ඔහුගේ නිවසට ගිය රෝම සෙබළාට දකින්නට ලැබුණේ ගණිත ගැටලුවක කිමිදී සිටින ආකිමිඩිස් ය. තමන් ගණිත ගැටළුවක් විසදමින් සිටින බවත් ඒ නිසා දැන් පැමිණිය නොහැකි බවත්, මෙය විසදා ජෙනරාල් හමුවීමට පැමිණෙන බවත් ආකිමිඩිස් විසින් සෙබළාට පැවසුවා .කෝපයට පත් සෙබළා තම අත වූ කඩුවෙන් ආකිමිඩිස්ව මරා දැමුවා. තමන් අතින් මරණයට පත් වූයේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු බව ඒ සෙබළාට වැටහුණේ නැහැ.

ඔන්න ඔහොමලු උනේ !!! අලුත් දෙයක් දැනගත්තනම් අපිට කොමෙන්ටුවකුත් දාල යන්නකෝ එහෙනම්‍... බුල්ටෝ කඩේ කදමල්ලෙන් විතරමයි....

[ Exclusively on බුල්ටෝ කඩේ - කදමල්ල ]

Monday, May 7, 2012

ගිජුලිහිණියෝ !!!


ජායාරූපයේ කතාව..........

ඔයා මේ පින්තූරයේ දකුණු පස පින්තූරේ දැකලත් ඇති මේ වෙනකොට දැකල නැතිනම් අද දැකල ඒ පින්තූරේ යට ඇති කතාව දැනගනිමුද...ඡායාරූපකරණයට ඇල්මක් ඇති අය වගේම හැමෝම මේක කියවලාම බලන්නකෝ

අපි හැමෝම ජායාරූප ශිල්පය ප්‍රගුණ කර නැති වුනත් ජායාරූපයක් රසවිදින්න අපි බොහෝමයක් දෙනාට පුළුවන්. අද අපි කියන්නේ එලෙස ලොව ප්‍රසිද්ධ වූ විශේෂයෙන් බටහිර ප්‍රජාවගේ දැඩි අවදානයට ලක් වූ ජායාරූපයක ඇතුලාන්තයේ කතාවක්.

1993 මාර්තු මස දිනක "අන්ත දූගී බවේන් මිරිකුන සුඩානයේ සැබෑ ස්වරූපය' තම කැමරා කාචයේ සටහන් කර ගැනීම සිය අරමුණු කර ගනිමින් දකුණු සුඩානයේ චාරිකාවක් සදහා යන ජායාරූපශිල්පී කෙවින් කාටර්ගේ කැමරා කාචයට හසුවූ දසුනකි මේ.

දකුණු සුඩානයේ අයොද් ගම්මානයේ එක් වැහැරුන සිරුරක් සහිත මංදපොෂණයෙන් පෙලෙන කුඩා දැරියක ගොදුරක් කර ගැනීමට මාන බලමින් ඒ අවට ගැවසුන ගිජුලිහිණියෙකු විය. යම් හෙයකින් හෝ ගිජු ලිහිණියා තටු විදහුයේ නම් ඡායාරූපය වඩාත් අලංකාර වේ යැයි සිතා විනාඩි විස්සක් පමණ කාලයක් බලා සිටි කෙවින් පසුව ගිජුලිහිණියා එම ස්ථානයෙන් එලවා දැමීය.

කෙවින් විසින් නිව්යෝක් ටයිම්(ස්) සගරාවට විකිණූ මෙම ජායාරූපය 1993 මාර්තු 26වන දින "metaphor for Africa’s despair" යන පාඨය සහිතව පළවිය.

නොසිතූ ආකාරයට ලොවපුරා ජනතාවගේ අවදානය එක් දිනක් තුල ලබාගැනීමට සමත් වූ මෙම ජායාරූපය පිලිබදව කරුණු විමසීමට ටයිම්ස් සගරාව ඇමතූ සියගනන් පාඨකයන් විමසා සිටියේ මෙම කුඩා දැරියට අත් වූ ඉරණම කුමක්ද යන්නයි.

මේ ජායාරූපයත් සමගම ලොව වටා බොහෝ දෙනා හමුවේ කෙවින්ගේ භූමිකාව අභියෝගයට ලක් වුනා. ඇතැම් විශ්ලේශකයන් මෙම ඡායාරූපය විග්‍රහ කරනුයේ මෙහි ගිජු ලිහිණියන් දෙදෙනෙකු ඇති බවත් ඉන් වඩාත් භයානක වන්නේ කෙවින් කාටර් බවත්ය.

කෙසේ නමුත් ඒක් දිනක් තුල මුලුමහත් බටහිර ප්‍රජාවම තුලම ඔවුන්ගේ සහන සේවා ක්‍රියාදාමය නැවත නැවතත් ප්‍රශ්නාර්තයකට ලක් කිරීමත්, සුඩානය ඇතුළු දිලිදු රටවල් වෙත බටහිර රටවල වැඩි අවදානාකට ලක් කිරීමෙහිලාත් වු සේවය වෙනුවෙන් කෙවින් 1994 දි "Pulitzer Prize for Feature Photography' යන සම්මනයෙන් පිදුම් ලැබීය.

ඡායාරූප ශිල්පියකුට සිය ජිවිත කාලයේ ලබන්න පුලුවන් උසස්ම සම්මනයෙන් පිදුම් ලබුවත් කෙවින් කාටර්ගේ ජීවිතය එතරම් සතුටින් නම් ගෙවීගොස් නැත. 1994 ජුලි මසයේ 27 වන දින ඔහු තමන් කුඩාකල කෙළිදොලෙන් ගතකල "Braamfontein Spruit" ගං ඉවුර අසල සිය දිවි නසා ගත් බව වාර්තාවේ.

මේ පිළිඹඳව නිපැදවුනු චිත්‍රපටයක්ද අප නෙත ගැටුනා එය The Bang Bang Club නමින් නම් කර තිබෙනවා.මෙය 2010 වසරේ නිපැදවුනු චිත්‍රපටයක්

චිත්‍රපටය බාගත කරගන්න
http://thepiratebay.se/torrent/6593442/The_Bang_Bang_Club_(2010)_BRRip_Xvid_AC3-Anarchy

කතාවේ අයිතිය බුල්ටෝ කඩේ කදමල්ල සතුය... මෙය කියවා බලා ඔබටත් හිතුන දේ ලියා දක්වන්න.. තවත් මෙවැනි දේවල් ඔබ වෙත ගෙන එන්න එය අපට ශක්තියක් වේ..

Saturday, May 5, 2012

සාදූ සාදූ සාදූ !! අද වෙසක් පොහොයයි !!



අද වෙසක් පුර පසළොස්වක පොහොයයි !!

වෙසක් පුර පසළොස්වක පෝයලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සිදු වූයෙ මෙම පෝය දිනයේදීය.

ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම්

►•කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම

►•බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම.

►•විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,

►•රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීීම් කටයුතු නැකතට ආරම්භ කිරීම.

►•බෞද්ධ අපට අතිශය වැදගත් වන්දනාව වූ සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි.

►•මීට අමතරව කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.

පිළිවෙතින් සැරසී පන්සල් ගොස් පිං රැස් කරගන්න , නිරතුරු කුසලයෙහි යෙදෙන්න

වෙසක් සඳ ලොකු වේ !



ඔන්න ළමයිනේ වෙසක් පෝය දා ඒ කියන්නේ අද ( 05) දා චන්ද්‍රයා වෙනත් දිනවලට වඩා විශාල ලෙස සහ ආලෝකවත් ලෙස දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යාවකාශ යෙදුම් අංශයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාස කොරල තියනවා

ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන චන්ද්‍රයා පොළොවට ආසන්නව ගමන් කරන දිනක මෙවර පොහොය යෙදී තිබී හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාලව සහ දීප්තිමත්ව දර්ශනය වන බව ඒ මහත්තයා වැඩි දුරටත් කියනවා

පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර කිලෝමිටර් 3,84,000ක් වන අතර මෙවර වෙසක් පොහොය දිනයේ දී එම දුර ප්‍රමාණය 3,56, 955ක් දක්වා අඩුවනවළු ඕන් !!

අවුරුදු 18කට පමණ පසුව මෙලෙස චන්ද්‍රයා, පෘථිවියට ඉතා ආසන්න වීමක් ලෙස මෙය සැලකිය හැකි බවත් ඒ අනුව සාමාන්‍ය දිනවලට වඩා සියයට 14ක විශාලත්වයකිනුත්, සියයට 30ක දීප්තියකිනුත් මෙහිදී චන්ද්‍රයා දර්ශනය වන බවත් අපිට දැන ගන්ට ලැබුන ඔන්න

මෙම තත්ත්වයත් සමඟ මුහුදේ වඩදිය මට්ටම ඉහළ යන්නත් පුළුවන්ළු ඒත් එය සුනාමි සම්බන්ධ අනවශ්‍ය බිය ඇති කර ගත යුතු තත්ත්වයක් නොවන බවද දැක්වෙනවා ඕන්න !!

මේක ඇත්තද කියලා බලල අපිට කොමෙන්ටුවකුත් දාපල්ල හොදේ !!!


Thursday, May 3, 2012

අම්මාගේ ආදරේ !!


මිටින් හල කුරුල්ලෙකු මෙන් මම ගෙදර දුවගන ආවේ බඩගින්නට වඩා වැඩි දෙයක් මගේ බඩේ නොතිබුන නිසා...මම ගෙදර එනකොට පිටිසස්සේ දොර ඇරලා දාලාa තිබුනා..අම්මා පේන්න හිටියේ නෑ..වෙනදා වගේම මේසේ උඩ බත් එක අම්මා ලස්සනට බෙදලා තිබුනා..අද බත් එකේ බත් වැඩිපුර දාලා..තිබුන බඩගින්නට මම බත් එක ඉවර කලේ එක හුස්මට..ටික වේලාවකින් වත්ත පහලට ගිහින් හිටපු අම්මා ආවා..

"අද බත් එක හරිම රහයි අම්මේ.."

"අහ් ! මගේ පුතා බත් එක කෑවද , මගේ හොද පුතා"

"අද මොකෝ අම්මේ බත් වැඩිපුර බෙදලා"

එහෙම කිව්වත් අම්මා හිනා වෙලා මගේ ඔළුව අතගාලා කුස්සියට ගියා
ටික වේලාවකින් අම්මා බත් මුට්ටියේ දණ්කුඩේ හූරනවා ඇහුනා.

" අම්මේ ! ඇයි අම්මා කෑවේ නැද්ද ?"

"නෑ පුතේ තාත්තා දවල්ට කන්න හේනේ ඉදන් ආපුවාම තාත්තට බත් ගොඩක් බෙදල දුන්නා තාත්තා මහන්සි වෙන නිසා"

"ඉතුරු බත් ටික මම පුතාගේ පිගානට බෙදුවා අද ඔයා ආවම ඔයාට කියලා බත් කටක් කවා ගන්න කියලා"

"මගේ හපනා බත් ඔක්කෝම කාලනේ ඉතින්"

"පුතේ ! අද මගේ උපන් දිනේ .. පුතාට අමතක උනා නේද ??"

අම්මා ආදරෙන් මගේ ඔළුව අතගාන ගමන් කිවුවා
මගේ ඇස් දෙකට ආපු කඳුළු ගොඩට මම අම්මාව පැනලා බදා ගත්තා

අපි වෙනුවෙන් අපේ අම්මලා එයාලාගේ සතුට කැප කරනවා..තියන හැම දේම අපි වෙනුවෙන් දෙන්නේ හිතේ ආදරෙන්..ඒත් අපි සමහර වේලාවට එයාලාව තේරුම් ගන්නේ නෑ...

අම්මා බුදු වේවා !!!

බුල්ටෝ කඩේ කදමල්ලනි

Tuesday, May 1, 2012

අන්ත්‍රාවයි !!!


පොඩ්ඩක් හිතන්න පරමාණුක ශක්තිය කොතරම් බලවත්ද කියලා..ඔබේ කෙස් ගසක් පරමාණුක ශක්තිය බවට පරිවර්තනය කලෝත් මුළු ශ්‍රී ලංකාවම විනාස කල හැකි බව ඔබ දන්නවාද? ඒ වගේම පරමාණුක විකිරණ කෙතරම් මාරන්තික බව ඔබ දන්නවාද??අපටත් දැන් දැන් පරමාණුක විකිරණ බිය දැනිය යුතු බව ඔබ දන්නවාද ඇස් කන් අරිමු ඇත්ත දකිමු..අනාගතේ අපිට ‍වෙන්නට යන දුර්භාග්‍යය ගැනයි බුල්ටෝ කඩේ මේ අළුත්ම ලිපිය..

දකුණු ඉන්දීය කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය

ශ්‍රී ලංකා ගොඩබිම් සීමාවේ සිට කිලෝමීටර 200 ක් පමණ දුරින් ඉදිකිරීමට යෝජිත මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ඨික බලාගාරය මගින් ලංකාවද යමිකිසි අයහපත් ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇතයි කියා සමහරුන් බිය පළකරනවා.

මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් නමුත් යම් ආපදාවක් කෙහේ හරි න්‍යෂ්ටික බලාගාරයක සිද්ධ වුණොත් විකිරණ අනතුරු කලින් හඳුනා ගැනීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බවත්ය.

කෙසේවෙතත් යම්කිසි රටක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිරිකරනවා නම් හා එම බලාගාරයෙන් අවට රටවල් වලට යම්කිසි බලපෑමක් ඇතිවිය හැකිනම් එම රටවල් අතර යම්කිසි ගිවිසුමක් අත්සන් කොට තිබීම වැදගත් වෙනවා. මන්ද ජපානයේ ඇතිවූ භූමිකම්පාව හා සුනාමිය නිසා ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් බාහිර පරිසරයට විකිරිණ නිකුත් වීමේ අවධානමක් ඇතිවූ අතර එම නිසා ඒ අවට සැතපුම් ගණනාවක ජනතාව ඉවත් කිරීමට ජපාන බලධාරීන්ට සිදුවුවා. ජපානය වැනි ලොව සුපිරිතම තාක්ෂනය භාවිතා කරන රටකටත් සුනාමිය නිසා පසු බාන්නට සිදුවුවා නම් අනෙකුත් රටවලද මේ ගැන අවධානය යොමුකර යුතුවෙනවා.

ඉන්දීය පාරිසරික සංවිදාන කරුණු 13ක් නිසා මේ බලාගාර ව්‍යාපෘතිය අත්හරින ලෙස ඉල්ලා තිබුණා.
එහි තිබූ කරුණු අතර......

•►මේ බලාගාරය නිසා ආසන්න මුහුදේ උෂ්ණත්වය ඉහළයාමේ අවදානමක් පවතින බවත් එයින් මත්ස්‍ය සම්පතට හා ධීවර කර්මාන්තයට හානි සිදුවන බව.

•►මෙමගින් පිටකරන විකිරණවල අගය මට්ටම් ප‍්‍රමිතියෙන් තොර බවට කරුණු ඇති බවත් පිළිකා ඇතුළු ලෙඩරෝග රැසකට එය බලපෑ හැකි බව.

•►මේ සඳහා යොදාගෙන තිබෙන රුසියානු උපකරණවල විශ්වාසනීයත්වය අවම බව.

2004 සුනාමි බලපෑමට පවා ලක්වූ කූඩන්කුලම් වෙරළාසන්න ප‍්‍රදේශයේ මෙවැනි බලාගාරයක් පිහිටුවීම අනාගත සුනාමියකදී ජනතාව විපතින් විපතට පත්කිරීමක් වියහැකි බවද ඔවුන් අනතුරු අඟවා තිබුණා.

ඒ අනුව යම්කසි හෙයකින් ඉදිරියේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ භූමිකම්පා හෝ සුනාමි තත්වයන් සිදුවී ඒවායින් යම්කිසි බලපෑමක් "කුඩන්කුලම්" න්‍යෂ්ටික බලාගාරය වැනි ලංකාවට ඉතාම ආසන්නයේ ඇති ඉන්දියානු බලාගාරවලට සිදුවී ඒවායින් විකිරිණ නිකුත් වීමක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට බලපානවා.

මේ ඉහත කී කරුණු ඔබ සමහරවිට දන්නවා ඇති නමුත් මදක් සිතන්න මා මේ දැන් පවසන කරුණ ගැනත්....

ඕනෑම රටකට බලය තියෙනවා. ඒ රට තුළ න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවන්න. වෙන රටකට ඊට විරුද්ධ වීමට කිසිදු හැකියාවක් නැහැ. ඒ බලාගාරයේ සිද්ධවෙච්ච අනතුරේ ප්‍රමාණය අනුව තමයි කියන්නේ, කිලෝමීටර් 330 සිට 200 දක්වා පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව. නමුත් මදක් සිතන්න උක්ත න්‍යෂ්ටික බලාගාරයෙන් යම් හෙයකින් විශාල ප්‍රමාණයෙන් විකිරණ කාන්දු උවහොත් ලංකාවේ අපි ඉවත්ව යා යුත්තේ කොහාටද? යන්න තැනක් තිබේද? ඔය කූඩන්කුලම් බලාගාරයේ ඉදන් ලංකාවේ බෝඩර් එකට හරියටම තියෙන්නෙත් කිලෝමීටර් 200යි.

වරක් ඉන්දීය පරමාණුක ශක්ති කොමිසමේ සභාපති ශ්‍රී කුමාර් බැනර්ජි පැවසූයේ ‘විය හැකි යම් සිදුවීමක වගකීම භාර ගැනීම පිළිබඳවත් වන්දි ගෙවීම පිළිබඳවත් ජාත්‍යන්තර සම්මුතියකට එකඟවිමටත් ඉන්දියාව අපි සූදානම් වෙනවා. ඒකත් දේශසීමාවලින් ඔබ්බට බලපානවා ‘ දේශ සීමාවන්ගෙන් ඔබ්බට වන්දි ගෙවන්න සුදානම් යැයි ඔහු නොකියා පවසන්නේ කිලෝමීටර් 200 වැනි සුළු දුරප්‍රමානයකින් ඇති ශ්‍රී ලංකාවටත් මෙහි අනිසි විපාක විදින්න සිදු වන බව නොවේද ?

ශ්‍රී ලාංකික අපිට දෙවියන්ගේම පිහිටයි !!!

ලිපියේ සියලු අයිතිය බුල්ටෝ කඩේ කදමල්ල සතුය..

රතු මැයි දා !!


අද වැඩකරන ජනයාගේ දිනය කියල කිවුවාට අපි සමහර විට මැයි පළවෙනිද කම්කරුවාගේ දිනේ උනේ කොහොමද කියල දන්නේ නැතුව ඇති අපි පොඩ්ඩක් ඒක දැනගමු දැන්

මැයි දිනයේ උපත 1886 /05/01 දිනය. එදින සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වු පොලිස් ප්‍රහාරයකින් මියගියා වු වැඩ කරන පැය ගණන පැය 08 සිමා කර ගැනීමට උත්සහ දැරු කම්කරුවන් සිහි කරලීමට මැයි දිනය සමරනු ලබයි.

දහත්වන,දහ අටවන සියවස් වල වහල් ක්‍රමය අහෝසි වී වැටුපට වැඩකරන කම්කරුවන් බිහි වු අතර ඔවුන්ටත් දිනකට පැය 12 ක සේවා කාලයක් වැඩ කල යුතුව තිබුනි. කාර්යයට නිසි ලෙස වැටුප් නොලද අතරම පැය 12ක වැඩ නිසා ආබාධ වලට ගොදුරු වීම වැඩිවී තිබුනි. 1830 දි ඇමරිකානු කම්කරුවෝ තමන්ට උදේ 6 සිට සවස 6 වෙනතුරු වැඩ නිසා පැය දෙකක විවේක කාලයක් ආහාර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලු අතර එය අසාර්ථක වුයේ සමහර අයගේ රැකියාවද නැතිවී යාමෙනි. 1863 දි නැවතත් සේවා කාලය පැය 08 කල යුතු යයි තීරණය කල යන්ත්‍ර ක්‍රියාකරන්නන් හා යකඩ වැඩ කම්කරුවන් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් නොමැති විය. එහෙත් ඒ අවස්ථාවේ එකතු වුවන් සමඟ කම්කරුවන් “නයිට්ස් ඔෆ් චිකාගෝ“ නම් සංවිධානයක් පිහිටවා ගන්නා ලදි. 1878 එම සංවිධානය නැවත වැඩ කරන පැය ගණන 08 ක් විය යුතු බව යෝජනා කලත් සාකච්ජා සඳහාම පමණක් එය වෙන්වු අතර යෝජනාව නැවත අසාර්ථක විය.

1881 දි කම්කරු නායකයන් එකතුව “සංවිධානාත්මක සේවාවන්හි වෘත්තිය සමිති සම්මේලනය“ ලෙස සාකච්ජාවට වඩා වු සටන්කාමී පිලිවෙතක් ඇති සංවිධානයක් බිහි කල අතරම විශාල ලෙස කම්කරුවන් එය වටා එකතු විය. ඔවුන් තම අදහස ක්‍රියාත්මක කිරිමට අදහස් කල අතර ඒ සඳහා තෝරා ගත්තේ වැඩ වර්ජනයක් සිදු කිරිමයි. 1886 මැයි 01 දින ඇමරිකාවේ විශාල කම්කරුවන් පිරිසක් ඉතිහාසයේ ප්‍රථම වරට චිකාගෝ නුවරට එක්රොක් වුයේ පැය 08 සේවා කාලය ලබා දෙන තෙක් සේවයට නොයන අදහසිනි. එදින වේගවත් කතාවක් කරමින් රුස්වු පිරිස ඇමතු සැමුවෙල් ෆීල්ඩින් කියා සිටියේ මෙය ලෝකයේ ථෛතිහාසික දිනයක් වන බවයි.
පලමු දිනයේ 40000 ක් වු පිරිස මැයි 02 වන විට 65000 කට ද වැඩිව තිබුනි..තුන්වන දිනයේ ඔගස්ට් ස්පයිස් කම්කරු නායකයා පිරිස අමතද්දී පොලිසිය දරුණු පහරදීමක් සිදු කල අතර කම්කරුවන් 04 දෙනෙකු මියගොස් සිටියේය. වැඩ වර්ජනය අවසාන වේ යැයි කර්මාන්ත හිමිකරුවන් සිතා සිටියත් සිදුවුයේ මැයි 04 දින ඉතා විශාල පිරිසක් නැවතත් වර්ජනය සඳහා “හේමාර්කට් චතුරශ්‍රයට“ එක්රොක් වීමයි.එහේත් පැමිණිමට වු මාර්ග වලදී පොලිසියෙන් බාධවන් එල්ල වු අතර පොලිස් ප්‍රහාර නැවැත්වීම සඳහා එකල චිකාගෝ නගරාධිපති “කර්ටන් හරිසන්“ මහතාද කියා සිටියේ වැඩ කරන පැය ගණන පැය 08 කට සිමා කල යුතු බවයි.

රැලිය සමකාමී වු අතර නගරාධිපතිතුමා ඉවත්ව යාමත් සමගම පැමිනි පොලිස් නිලධාරීන් වහාම රැස්වීම නවතා දමන ලෙස කියා සිටියේය.මෙලෙස කතා කරමින් සිටියදි පොලිස් නිලධාරීන් දෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වු අතර පොලීසිය වෙඩි තැබීමට පටන් ගත් අතර එදින “හේමාර්කට් චතුරශ්‍රයේ “ මිය ගිය ගණන අදටද නොදනී. පොලිසියට පහර දුන්නායයි අත්අඩංගුවට පත්වු ඔගස්ටස් ස්පයිස්,ජෝර්ජ් එංගල්ස්,ඇල්බර්ට් පාඩ්සන්, ඇඩොල්ෆ් පීෂර්,ලුවිස් ලින්ග් යන අයට මරණ දඩුවම ද, ඔස්කා නිබේ ට වසර 15 සිර දඩුවම්ද, මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, දෙදෙනාට ජිවිතාන්තය දක්නා සිර දඩුවම් ලබා දෙන ලදි. එල්ලා මැරීමට පෙර ලුවිස් ලින්ග් බෝම්බයක් පුපුරවා ගෙන මිය ගිය අතර,1887/11/11 දින අනෙක් සිව් දෙනා එල්ලා මරා දමන ලදි. ඔවුන් කම්කරු පන්ති විමුක්තියේ වීර භටයන් ලෙස මරණයට එඩිතරව මුහුණ දුන්හ. එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඕගස්ට් ස්පයිස් “අපේ වචනවලටම වඩා අපේ නිශ්ශබ්දතාවය බලගතු වන කාලයක් වැඩිකල් නොගොස් උදාවන බව“ අවසාන වශයෙන් පවසා ඇත. මෙම නඩු විභාගය පක්ෂපාතීව පවත්වා තිබෙන බවත් එල්ලා මරා දමනු ලැබූ පුද්ගලයන් ඇතුළු අට දෙනාටම විරුද්ධව චෝදනා එල්ල වී නොතිබුණු බවත් පක්ෂපාතී ජූරි සභාවක් තෝරා ගෙන තිබුණු බවත් පසුව හෙළි විය. 1893 ජුනි 26 දින ආණ්ඩුකාර වරයාගේ තිරණයකින් සිරගත වු ඔස්කා නිබේ, මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, යන අයට නිදහස ලැබුණි.

ශ්‍රී ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ 1933 දීය. එවකට ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් හිදී මැයි රැලියක් පවත්වනු ලැබීය. මෙහි තේමාව වූයේ ‘රාජ්‍ය පාක්ෂික වෙමු’ යන්නයි. මේ අවස්ථාවට යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන්ට හා ඔවුන්ගේ බිරියන්ට ආරාධනා කර තිබුණි.

කෙසේ වෙතත් අද මැයි දිනය කම්කරු පන්තියේ අවශ්‍යතා මත නොපවත්වන අතර එක් එක් දේශපාලන පක්ෂවල පටු දේශපාලන අවශ්‍යතා සඳහා පවත්වනු ලබයි. විවිධ වර්ණ යොදා ගනිමින් කම්කරු පන්තියේ අරමුණු අපේක්‍ෂා ඉල්ලීම්වලට පටහැනිව පවත්වන මැයි සැණකෙළිවලින් ඉවත් ව කම්කරු පන්තියේ වර්තමාන හා අනාගත අරමුණු සඳහා මැයි දිනය යොදා ගැනීම වැඩකරන පන්තිය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන දැන්වත් අවධානය යොමුකළ යුතු වේ