Tuesday, May 1, 2012

අන්ත්‍රාවයි !!!


පොඩ්ඩක් හිතන්න පරමාණුක ශක්තිය කොතරම් බලවත්ද කියලා..ඔබේ කෙස් ගසක් පරමාණුක ශක්තිය බවට පරිවර්තනය කලෝත් මුළු ශ්‍රී ලංකාවම විනාස කල හැකි බව ඔබ දන්නවාද? ඒ වගේම පරමාණුක විකිරණ කෙතරම් මාරන්තික බව ඔබ දන්නවාද??අපටත් දැන් දැන් පරමාණුක විකිරණ බිය දැනිය යුතු බව ඔබ දන්නවාද ඇස් කන් අරිමු ඇත්ත දකිමු..අනාගතේ අපිට ‍වෙන්නට යන දුර්භාග්‍යය ගැනයි බුල්ටෝ කඩේ මේ අළුත්ම ලිපිය..

දකුණු ඉන්දීය කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය

ශ්‍රී ලංකා ගොඩබිම් සීමාවේ සිට කිලෝමීටර 200 ක් පමණ දුරින් ඉදිකිරීමට යෝජිත මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ඨික බලාගාරය මගින් ලංකාවද යමිකිසි අයහපත් ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇතයි කියා සමහරුන් බිය පළකරනවා.

මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් නමුත් යම් ආපදාවක් කෙහේ හරි න්‍යෂ්ටික බලාගාරයක සිද්ධ වුණොත් විකිරණ අනතුරු කලින් හඳුනා ගැනීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බවත්ය.

කෙසේවෙතත් යම්කිසි රටක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිරිකරනවා නම් හා එම බලාගාරයෙන් අවට රටවල් වලට යම්කිසි බලපෑමක් ඇතිවිය හැකිනම් එම රටවල් අතර යම්කිසි ගිවිසුමක් අත්සන් කොට තිබීම වැදගත් වෙනවා. මන්ද ජපානයේ ඇතිවූ භූමිකම්පාව හා සුනාමිය නිසා ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් බාහිර පරිසරයට විකිරිණ නිකුත් වීමේ අවධානමක් ඇතිවූ අතර එම නිසා ඒ අවට සැතපුම් ගණනාවක ජනතාව ඉවත් කිරීමට ජපාන බලධාරීන්ට සිදුවුවා. ජපානය වැනි ලොව සුපිරිතම තාක්ෂනය භාවිතා කරන රටකටත් සුනාමිය නිසා පසු බාන්නට සිදුවුවා නම් අනෙකුත් රටවලද මේ ගැන අවධානය යොමුකර යුතුවෙනවා.

ඉන්දීය පාරිසරික සංවිදාන කරුණු 13ක් නිසා මේ බලාගාර ව්‍යාපෘතිය අත්හරින ලෙස ඉල්ලා තිබුණා.
එහි තිබූ කරුණු අතර......

•►මේ බලාගාරය නිසා ආසන්න මුහුදේ උෂ්ණත්වය ඉහළයාමේ අවදානමක් පවතින බවත් එයින් මත්ස්‍ය සම්පතට හා ධීවර කර්මාන්තයට හානි සිදුවන බව.

•►මෙමගින් පිටකරන විකිරණවල අගය මට්ටම් ප‍්‍රමිතියෙන් තොර බවට කරුණු ඇති බවත් පිළිකා ඇතුළු ලෙඩරෝග රැසකට එය බලපෑ හැකි බව.

•►මේ සඳහා යොදාගෙන තිබෙන රුසියානු උපකරණවල විශ්වාසනීයත්වය අවම බව.

2004 සුනාමි බලපෑමට පවා ලක්වූ කූඩන්කුලම් වෙරළාසන්න ප‍්‍රදේශයේ මෙවැනි බලාගාරයක් පිහිටුවීම අනාගත සුනාමියකදී ජනතාව විපතින් විපතට පත්කිරීමක් වියහැකි බවද ඔවුන් අනතුරු අඟවා තිබුණා.

ඒ අනුව යම්කසි හෙයකින් ඉදිරියේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ භූමිකම්පා හෝ සුනාමි තත්වයන් සිදුවී ඒවායින් යම්කිසි බලපෑමක් "කුඩන්කුලම්" න්‍යෂ්ටික බලාගාරය වැනි ලංකාවට ඉතාම ආසන්නයේ ඇති ඉන්දියානු බලාගාරවලට සිදුවී ඒවායින් විකිරිණ නිකුත් වීමක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට බලපානවා.

මේ ඉහත කී කරුණු ඔබ සමහරවිට දන්නවා ඇති නමුත් මදක් සිතන්න මා මේ දැන් පවසන කරුණ ගැනත්....

ඕනෑම රටකට බලය තියෙනවා. ඒ රට තුළ න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවන්න. වෙන රටකට ඊට විරුද්ධ වීමට කිසිදු හැකියාවක් නැහැ. ඒ බලාගාරයේ සිද්ධවෙච්ච අනතුරේ ප්‍රමාණය අනුව තමයි කියන්නේ, කිලෝමීටර් 330 සිට 200 දක්වා පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව. නමුත් මදක් සිතන්න උක්ත න්‍යෂ්ටික බලාගාරයෙන් යම් හෙයකින් විශාල ප්‍රමාණයෙන් විකිරණ කාන්දු උවහොත් ලංකාවේ අපි ඉවත්ව යා යුත්තේ කොහාටද? යන්න තැනක් තිබේද? ඔය කූඩන්කුලම් බලාගාරයේ ඉදන් ලංකාවේ බෝඩර් එකට හරියටම තියෙන්නෙත් කිලෝමීටර් 200යි.

වරක් ඉන්දීය පරමාණුක ශක්ති කොමිසමේ සභාපති ශ්‍රී කුමාර් බැනර්ජි පැවසූයේ ‘විය හැකි යම් සිදුවීමක වගකීම භාර ගැනීම පිළිබඳවත් වන්දි ගෙවීම පිළිබඳවත් ජාත්‍යන්තර සම්මුතියකට එකඟවිමටත් ඉන්දියාව අපි සූදානම් වෙනවා. ඒකත් දේශසීමාවලින් ඔබ්බට බලපානවා ‘ දේශ සීමාවන්ගෙන් ඔබ්බට වන්දි ගෙවන්න සුදානම් යැයි ඔහු නොකියා පවසන්නේ කිලෝමීටර් 200 වැනි සුළු දුරප්‍රමානයකින් ඇති ශ්‍රී ලංකාවටත් මෙහි අනිසි විපාක විදින්න සිදු වන බව නොවේද ?

ශ්‍රී ලාංකික අපිට දෙවියන්ගේම පිහිටයි !!!

ලිපියේ සියලු අයිතිය බුල්ටෝ කඩේ කදමල්ල සතුය..

No comments:

Post a Comment