මිටින් හල කුරුල්ලෙකු මෙන් මම ගෙදර දුවගන ආවේ බඩගින්නට වඩා වැඩි දෙයක් මගේ බඩේ නොතිබුන නිසා...මම ගෙදර එනකොට පිටිසස්සේ දොර ඇරලා දාලාa තිබුනා..අම්මා පේන්න හිටියේ නෑ..වෙනදා වගේම මේසේ උඩ බත් එක අම්මා ලස්සනට බෙදලා තිබුනා..අද බත් එකේ බත් වැඩිපුර දාලා..තිබුන බඩගින්නට මම බත් එක ඉවර කලේ එක හුස්මට..ටික වේලාවකින් වත්ත පහලට ගිහින් හිටපු අම්මා ආවා..
"අද බත් එක හරිම රහයි අම්මේ.."
"අහ් ! මගේ පුතා බත් එක කෑවද , මගේ හොද පුතා"
"අද මොකෝ අම්මේ බත් වැඩිපුර බෙදලා"
එහෙම කිව්වත් අම්මා හිනා වෙලා මගේ ඔළුව අතගාලා කුස්සියට ගියා
ටික වේලාවකින් අම්මා බත් මුට්ටියේ දණ්කුඩේ හූරනවා ඇහුනා.
" අම්මේ ! ඇයි අම්මා කෑවේ නැද්ද ?"
"නෑ පුතේ තාත්තා දවල්ට කන්න හේනේ ඉදන් ආපුවාම තාත්තට බත් ගොඩක් බෙදල දුන්නා තාත්තා මහන්සි වෙන නිසා"
"ඉතුරු බත් ටික මම පුතාගේ පිගානට බෙදුවා අද ඔයා ආවම ඔයාට කියලා බත් කටක් කවා ගන්න කියලා"
"මගේ හපනා බත් ඔක්කෝම කාලනේ ඉතින්"
"පුතේ ! අද මගේ උපන් දිනේ .. පුතාට අමතක උනා නේද ??"
අම්මා ආදරෙන් මගේ ඔළුව අතගාන ගමන් කිවුවා
මගේ ඇස් දෙකට ආපු කඳුළු ගොඩට මම අම්මාව පැනලා බදා ගත්තා
අපි වෙනුවෙන් අපේ අම්මලා එයාලාගේ සතුට කැප කරනවා..තියන හැම දේම අපි වෙනුවෙන් දෙන්නේ හිතේ ආදරෙන්..ඒත් අපි සමහර වේලාවට එයාලාව තේරුම් ගන්නේ නෑ...
අම්මා බුදු වේවා !!!
බුල්ටෝ කඩේ කදමල්ලනි
No comments:
Post a Comment