Thursday, May 10, 2012

යුරේකා !! යුරේකා !!



මතකද ආකිමිඩිස්ව? නෑ නෑ අර කැම්පස් එකේ ප්‍රකාශ රසායන විද්‍යාව උගන්නපු සර් නෙමෙයි අපි පොඩි කාලේ අහලා තිබුන ග්‍රීසියෙන් පහළ වුන මහා නැණවතා. අන්න ඔහු ගැන ලිපියක් ලියන්න හිතුවා අද.

ක්‍රිස්තු පූර්ව 287 දී සිසිලියේ උපත ලද සර්කියුස් හි ආකිමිඩිස් කියන්නේ ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු වගේම තාරකා විද්‍යාඥයෙකි.

ආකිමිඩිස් ගෙන් තොර භෞතික විද්‍යාවක් හිතා ගන්නවත් බැරි තරම්. "මට මේ මුළු ලොවම හොල්ලන්න පුළුවනි. ඒ සඳහා මට අවශ්‍ය සුදුසු දිග ප‍්‍රමාණයේ ලීවරයක් පමණයි." ආකිමිඩිස් නිතරම පැවසූ වදනක්. ඔහු විසින් ද්‍රවස්ථිතිය, ස්ථිතිකය පිලිබඳ සංකල්ප හා ලීවර මූලධර්ම පිලිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ අතර ඒවා භෞතික විද්‍යාවේ ප්‍රගමනයේ පදනම බවට පත්විය. එමෙන්ම ඔහු සීජ් එන්ජින් (Siege Engine), ආකිමිඩිස් ඉස්කුරුප්පු පොම්පය (Archimedes Screw Pump) ඇතුළු නවීන යන්ත්‍ර සැලසුම්කරණයේ කීර්තියක් දිනා ගත් අයෙකි. ප්‍රහාරක නෞකා වතුරෙන් එසවීමට හා දර්පණ භාවිතා කරමින් නැව්වලට ගිනි අවුලවීමට හැකියාව ඇති යන්ත්‍ර, ආකිමිඩිස් විසින් සැලසුම් කරා.

ආකිමිඩිස් හා බැදුන කතා ගොඩක් තියෙනවා ඒ අතරින් වඩාත් ප්‍රචලිත කතාව කෙටියෙන් කිව්වොත්........

සිරාකස් හි හීරෝ රජු යුද්ධයෙන් ජයගත් අතර ඔහු මෙම ජයග‍්‍රහණය සැමරුවේ දෙවියන්ට තෑගි ප‍්‍රදානය කරමිනි. රන්කරුවකු ලවා රත්රන් ඔටුන්නක් සාදාගත් රජු එය දෙවියන්ට පූජා කරන්නටයි සූදානම් වූයේ . එහෙත් රජතුමාගේ හිතේ මේ ඔටුන්න ගැන යම් කුකුසක් ඇතිවුණා. මේ ඔටුන්න පිරිසුදු රන් වලින් ම නිමවා ඇත් දැයි දැන ගන්නට රජතුමාට අවශ්‍ය වුණා.මේ සඳහා කැඳවූයේ ආකිමිඩිස්ව යි. ආකිමිඩිස්ගේ බුද්ධියටත් මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් දෙන්නට පුළුවන් වුණේ නැහැ. ඔහු මේ ගැන හිතමින් කල් ගත කළා. දිනක් නාන බේසමට වී මේ ගැන කල්පනා කරන විට ආකිමිඩිස්ට එයට නිවැරදි පිළිතුර සොයා ගන්නට පුළුවන් වුණා. තමන් සොයා ගත් විසඳුම ගැන අපමණ සතුටට පත් ආකිමිඩිස් නාන බේසමෙන් බැස රජතුමා වෙතට දිව ගියා. ඔහු කොයිතරම් නම් කලබල වී සිටියා ද කියනවානම් ඇඳුම් ඇඳගන්න තරම් වත් මතකයක් ඔහුට තිබුණේ නැහැ.

පුරාතණයේ විසූ විශිෂ්ඨතම ගණිතඥයා ලෙස සලකන ලද ආකිමිඩීස් සකල ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ගණිතඥයන්ගෙන් එක් අයෙකි. ඔහු විසින් පයි (pi) නියතය සඳහා ඉතා නිවැරදි ආසන්නතම අගයක් ගණනය කිරීමට සමත්වුණා . ඒ සඳහා ඔහු විසින්, අපරිමිත ශ්‍රේණියක එකතුවක් සහිත පරාවලයක ඡාපයට යටත්ව පවතින කොටසේ වර්ගඵලය, නිරවශේෂණ ක්‍රමය භාවිතයෙන් ගණනය කරන ලදී. ඒ වගේම ඔහු විසින්, පරිභ්‍රමණය වන පෘෂ්ඨ වල පරිමාව සඳහා සමීකරණයක් වන ආකිමිඩිස් සර්පිලය (spiral) අර්ථ දැක්වූ අතර ඉතා විශාල සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා ඉතා අනර්ඝ ක්‍රමයක් ද අර්ථ දැක්වූවා.

කි‍්‍ර.පූර්ව. 215 දී රෝමවරුන් සර්කියුස් නගරය යටත් කරගත්තා. සර්කියුස් නගරය යටත් කර ගැනීමට හැකි වීම පිළිබඳව ජනරාල් මාර්සලස් සිටියේ අපමණ සතුටකින්. සර්කියුස් හි සිටි මහා ප‍්‍රාඥයා වන ආකිමිඩිස් පිළිබඳව ඔහුගේ සිතේ තිබුණේ අපමණ ගෞරවයක්. ආකිමිඩිස්ව දැන හඳුනා ගැනීමේ ආශාවෙන් සිටි ජෙනරාල්වරයා ඔහුව තමන් වෙතට රැගෙන එන ලෙසට තමන්ගේ සෙබළුන්ට නියෝග කළා. ආකිමිඩිස්ව සොයා ගෙන ඔහුගේ නිවසට ගිය රෝම සෙබළාට දකින්නට ලැබුණේ ගණිත ගැටලුවක කිමිදී සිටින ආකිමිඩිස් ය. තමන් ගණිත ගැටළුවක් විසදමින් සිටින බවත් ඒ නිසා දැන් පැමිණිය නොහැකි බවත්, මෙය විසදා ජෙනරාල් හමුවීමට පැමිණෙන බවත් ආකිමිඩිස් විසින් සෙබළාට පැවසුවා .කෝපයට පත් සෙබළා තම අත වූ කඩුවෙන් ආකිමිඩිස්ව මරා දැමුවා. තමන් අතින් මරණයට පත් වූයේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු බව ඒ සෙබළාට වැටහුණේ නැහැ.

ඔන්න ඔහොමලු උනේ !!! අලුත් දෙයක් දැනගත්තනම් අපිට කොමෙන්ටුවකුත් දාල යන්නකෝ එහෙනම්‍... බුල්ටෝ කඩේ කදමල්ලෙන් විතරමයි....

[ Exclusively on බුල්ටෝ කඩේ - කදමල්ල ]

Monday, May 7, 2012

ගිජුලිහිණියෝ !!!


ජායාරූපයේ කතාව..........

ඔයා මේ පින්තූරයේ දකුණු පස පින්තූරේ දැකලත් ඇති මේ වෙනකොට දැකල නැතිනම් අද දැකල ඒ පින්තූරේ යට ඇති කතාව දැනගනිමුද...ඡායාරූපකරණයට ඇල්මක් ඇති අය වගේම හැමෝම මේක කියවලාම බලන්නකෝ

අපි හැමෝම ජායාරූප ශිල්පය ප්‍රගුණ කර නැති වුනත් ජායාරූපයක් රසවිදින්න අපි බොහෝමයක් දෙනාට පුළුවන්. අද අපි කියන්නේ එලෙස ලොව ප්‍රසිද්ධ වූ විශේෂයෙන් බටහිර ප්‍රජාවගේ දැඩි අවදානයට ලක් වූ ජායාරූපයක ඇතුලාන්තයේ කතාවක්.

1993 මාර්තු මස දිනක "අන්ත දූගී බවේන් මිරිකුන සුඩානයේ සැබෑ ස්වරූපය' තම කැමරා කාචයේ සටහන් කර ගැනීම සිය අරමුණු කර ගනිමින් දකුණු සුඩානයේ චාරිකාවක් සදහා යන ජායාරූපශිල්පී කෙවින් කාටර්ගේ කැමරා කාචයට හසුවූ දසුනකි මේ.

දකුණු සුඩානයේ අයොද් ගම්මානයේ එක් වැහැරුන සිරුරක් සහිත මංදපොෂණයෙන් පෙලෙන කුඩා දැරියක ගොදුරක් කර ගැනීමට මාන බලමින් ඒ අවට ගැවසුන ගිජුලිහිණියෙකු විය. යම් හෙයකින් හෝ ගිජු ලිහිණියා තටු විදහුයේ නම් ඡායාරූපය වඩාත් අලංකාර වේ යැයි සිතා විනාඩි විස්සක් පමණ කාලයක් බලා සිටි කෙවින් පසුව ගිජුලිහිණියා එම ස්ථානයෙන් එලවා දැමීය.

කෙවින් විසින් නිව්යෝක් ටයිම්(ස්) සගරාවට විකිණූ මෙම ජායාරූපය 1993 මාර්තු 26වන දින "metaphor for Africa’s despair" යන පාඨය සහිතව පළවිය.

නොසිතූ ආකාරයට ලොවපුරා ජනතාවගේ අවදානය එක් දිනක් තුල ලබාගැනීමට සමත් වූ මෙම ජායාරූපය පිලිබදව කරුණු විමසීමට ටයිම්ස් සගරාව ඇමතූ සියගනන් පාඨකයන් විමසා සිටියේ මෙම කුඩා දැරියට අත් වූ ඉරණම කුමක්ද යන්නයි.

මේ ජායාරූපයත් සමගම ලොව වටා බොහෝ දෙනා හමුවේ කෙවින්ගේ භූමිකාව අභියෝගයට ලක් වුනා. ඇතැම් විශ්ලේශකයන් මෙම ඡායාරූපය විග්‍රහ කරනුයේ මෙහි ගිජු ලිහිණියන් දෙදෙනෙකු ඇති බවත් ඉන් වඩාත් භයානක වන්නේ කෙවින් කාටර් බවත්ය.

කෙසේ නමුත් ඒක් දිනක් තුල මුලුමහත් බටහිර ප්‍රජාවම තුලම ඔවුන්ගේ සහන සේවා ක්‍රියාදාමය නැවත නැවතත් ප්‍රශ්නාර්තයකට ලක් කිරීමත්, සුඩානය ඇතුළු දිලිදු රටවල් වෙත බටහිර රටවල වැඩි අවදානාකට ලක් කිරීමෙහිලාත් වු සේවය වෙනුවෙන් කෙවින් 1994 දි "Pulitzer Prize for Feature Photography' යන සම්මනයෙන් පිදුම් ලැබීය.

ඡායාරූප ශිල්පියකුට සිය ජිවිත කාලයේ ලබන්න පුලුවන් උසස්ම සම්මනයෙන් පිදුම් ලබුවත් කෙවින් කාටර්ගේ ජීවිතය එතරම් සතුටින් නම් ගෙවීගොස් නැත. 1994 ජුලි මසයේ 27 වන දින ඔහු තමන් කුඩාකල කෙළිදොලෙන් ගතකල "Braamfontein Spruit" ගං ඉවුර අසල සිය දිවි නසා ගත් බව වාර්තාවේ.

මේ පිළිඹඳව නිපැදවුනු චිත්‍රපටයක්ද අප නෙත ගැටුනා එය The Bang Bang Club නමින් නම් කර තිබෙනවා.මෙය 2010 වසරේ නිපැදවුනු චිත්‍රපටයක්

චිත්‍රපටය බාගත කරගන්න
http://thepiratebay.se/torrent/6593442/The_Bang_Bang_Club_(2010)_BRRip_Xvid_AC3-Anarchy

කතාවේ අයිතිය බුල්ටෝ කඩේ කදමල්ල සතුය... මෙය කියවා බලා ඔබටත් හිතුන දේ ලියා දක්වන්න.. තවත් මෙවැනි දේවල් ඔබ වෙත ගෙන එන්න එය අපට ශක්තියක් වේ..