Tuesday, April 24, 2012

තාත්තා මගේ වීරයා !!


බයිසිකලය ගස යට නැවැත් වූ තාත්තා මාව ඉදිරිපස ලගේජ් එකෙන් බිමට බැස්සූවා..
පස්සේ තාත්තාගේ කමිසයේ සාක්කුවේ තිබූ කුඩා පනාවක් ගෙනා මගේ කොන්ඩය පීරා බීම හල තුලට මාව එක්කන් ගියා.

බීම බෝතල් ‍දෙකක් ගෙන තාත්තා මා අසලට පැමිණියා..
"චූටි පුතා බොන්න, පැණි බීම"
මම පැණි බීම වල‍ට ආස බැව් දැන සිටි තාත්තා මට පැණි බීම අරන් !
එක හුස්මට මම බීම බෝතලේ ඉවර කරා..
"රහයි "
"එහෙනම් පුතා මේකත් බොන්න"තාත්තා කිවුවා
"එතකොට තාත්තට"කියන ගමන් මම තාත්තාගේ බීම බෝතලයත් එක හුස්මට බී දැම්මා..
ආදරයෙන් මා දෙස බලා සිනාසුනු තාත්තා
" අපි එහෙනම් යමු පුතේ"
මම බයිසිකලේ ගාවට යනකොට තාත්තා ටැප් එකෙන් වතුර වීදුරු 2ක් 3ක් බොන හැටි මම ඈතට දැක්කා !!
දෙයියනේ ! තාත්තා ගොඩක් තිබහින් ඉදල තියෙන්නේ ...

දරුවන්ගේ තිබහ වෙනුවෙන් තම තිබහ ඉවසූ "තාත්තා" ආදරෙයි ඔබට !!ඔයාගේ තාත්තාත් ඔයාට ආදරෙයි

No comments:

Post a Comment